
අද වනවිට ලෝකයේ පෙරලිකාර මෙහෙයුම් පද්දතියක් බවට වින්ඩොස් 7 පත්ව ඇත මෙයට ප්‍රධාන හේතූන් වනුයේ එහි ඇති ඇදගන්නා සුලු බව හා පරිහරණ පහසුවයි.
මේ වන විට ලෝකයේ වැඩිම ජනගහනයක් භාවිතාකරන ගිනි නරියා හට සිත් ඇද ගන්නා සුලු අලුත් මුහුනු වරක් මෙම නව සංස්කරනය යෙන් ලබා දී ඇත කලින් සංස්කරන වලට වඩා තරමක වේගවත් බවක් දැකිය හැකි බව හුඟ දෙනාගේ මතයයි
මෙහිදී ඔබට පරිගණක පරිහරනයේදී අවශ්‍යය මෘදුකාංග පිළිබද විස්තර දැනගත හැකිය.එමෙන්ම ඔබට අවශ්‍ය මෘදුකාග පිළිබඳව ද අපගේ යහළුවන්ගෙන් අසාදැනගත හැකි අතර ඔබ දන්නා නවීන පන්නයේ මෘදුකාංග පිළිබඳ විස්තර මෙහි සිටින යහළුවන් සමඟ බෙදාගත හැකිය..
පරිගනකය භාවිතා කරන ඕනෑම අයෙකුට නිරන්තරයෙන් ඒ ආශ්‍රිත ගැටළු ඇතිවේ... එමගින් ඔබගේ සුපුරුදු වැඩකටයුතු අඩපණ විය හැක.. නමුත් ඔබ අපගේ සාමාජිකයෙකු නම් එම ගටළු වලට තිත තැබිය හැක..
දිනෙන් දින උග්‍ර වන රැකියා අර්බුධය හේතුවෙන් අද වන විට තරුණ තරුණියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත. එයට පුංචි හෝ රුකුලක් ඔබට ලබා දීම අරඹයා අප මෙම රැකියා සෙවණ ආරම්භ කලෙමු.....
කී ලොගර් කිව්වම ඔයාල දන්නවනේ ඉතින් ජාති කීපයක් තියෙනවා ඒකෙන් ටිකක් දරුණු එකක් තමයි රිමෝට් කී ලොගර් කියන්නේ.. මේ ගැන දන්න අයනම් කොහොමහරි බේරෙනව ඒත් නොදන්න අය මේ ගැන නොදන්නා කමින් ගැටළු රාශියකට මුහුණ දෙන නිසා,, මේ ගැන මම දන්න දේවල් සරලව පියවරෙන් පියවර හැමෝටම තේරෙන විදියට ලිපි කීපයකින් ඔයාලව දැනුවත් කරන්න ඕනෙ කියල මම හිතුවා.. ඉතිං මං අද ඉඳල කියල දෙන්න යන්නේ රිමෝට් කී ලොගර් වල මම දන්න සම්පූර්ණ ක්‍රියාවලිය ගැනයි.
එහෙනම් අහගන්නකෝ මේ රිමෝට් කී ලොගර් හදන අයගේ මූලික ඉලක්කය තමයි අන් අයගේ දත්ත සොරා ගැනීම. දත්ත කිව්වම ගොඩක් දේවල් ඒකට අයත් වෙනවා ඒවගෙන් රහස් වචන වගේ එව්ව තමයි මෙයාලගේ ප්‍රධාන ඉලක්කය
ඊට අමතරව අසභ්‍ය දෑ නිර්මාණයට හා පෞද්ගලික වාසි රැසකට අන් අයගේ දත්ත මෙම පුද්ගලයන් සොරා ගනු ලබනවා..
ඉතින් අපි බලමු මේ රිමෝට් කී ලොගර් අපිට ලැබෙන්නෙ කොහොමද කියලා
ප්‍රධාන වර්ග තුනයි,
1.Setup Files
2.Crack
3.Keygen
මතක තියාගන්න මම මේ කිව්වෙ ප්‍රධාන 3 විතරයි මීට අමතරව විවිද ක්‍රම රාශියකින් මෙව්වා අපිට ලැබෙන්න පුලුවන්...
මෙහි දරුනු ස්වභාවය තමයි රිමෝට් කී ලොගර් එකක් ස්තාපනය වූ පසු එවැනි දෙයක් ස්තාපනය වී ඇති බව පරිගනකය පරිහරනය කරන්නාට කිසිදු ඉඟියක් නොදැනීමයි..
අපි නොදැනුවත්වම අපගේ පරිගණකයේ මෙම රිමෝට් කී ලොගර් එකක් ස්ථානනය වුවහොත්අප එදිනෙදා පරිගණකයේ කරනා සෑම ක්‍රියාවලියක් පිලිබඳවම එය ඉතාමත් පැහැදිලි වාර්තාවක් ආකාරයෙන් අදාල රිමෝට් කී ලොගර් එක නිර්මාණය කල පුද්ගලයාට ලබා දෙයි . එපමනක් නොව අද වන විට මෙහි දියුනුවත් සමග අපගේ පරිගණකය පහසුවෙන්ම අපට නොදැනී හැසිරවීමටත් හැකි වන අයුරින් මෙමෙ රිමෝට් කී ලොගර් නිපදවයි..
අදට මෙච්චරයි ඊලඟ ලිපියෙන් මං ඔයාලට රිමෝට් කී ලොගර් නිපදවීමේ ක්‍රියාවලිය පැහදිලි කර දෙන්නම් එතකං ඔයාලට සුභ..!
( සැ.යු- මෙම ලිපියෙහි අඩුපාඩු ඇති නම් ඒ පිලිබඳව සමාව භජනය කරන ලෙසත් එම වැරදි දන්වන කරන ලෙසත් කාරුනිකව ඉල්ලමි... )
හෝව්.....හෝව්....! පොඩ්ඩක් ඉන්න බාන්න කලින් මේකත් කියවල ඉන්න
Accelerator එකක් කිව්ව ගමම්න්ම ඔයාල දන්නවනෙ මොකද්ද කියල එහෙනම් කියන්න බලන්න ? ආං.. හරි මොකක හරි වේගෙ වැඩි කරගන්න උදව් කරන එකක් තමා මේ වගේ කොච්චර තියෙනවද හැබයි ඒ හැම එකක්ම වැඩ කරන්නෙ නෑ එහෙම නේද ? එහෙම කියල වැඩකරන ඒවත් නැතුවාම නොවේ ... දැන් මං ඔයාලට දෙන්නෙ වැඩකරන Torrent Accelerator එකක් මේකෙන් ඔයාලට එක වැඩි කරගන්න පුලුවන් කිසිම අවුලක් නැහැ... ඒත් අපි හැමෝම පටලවගන්න එකක් තියෙනව ඒ තමයි අපි හිතනව Torrent Accelerator එකකින් අපිට තියෙන Internet speed එකට වඩා වැඩි වේගයක් ලැබේයි කියල.. ඒක වැරදි මතයක් මේකෙන් වෙන්නෙ එහෙම එකක් නෙවේ මේකෙන් වෙන්නෙ අපිට තියෙන උපරිම Internet speed එක නියතව පවත්වා ගැනීමට උදව් කිරීමක් පමණයි. ඒ වගේම Seeds අඩු Torrent files බාද්දි ලැබෙන අඩු වේගය වැඩි කරගැනීමට මේක උදව් වෙනව එත් මං ආයි කියනව මේකෙන් වැඩි කරල දෙන්නෙ අපේ Internet connection එකේ speed limit එක දක්වා පමනයි.. සමහර අය මේක පටලගෙන හදපු එකාගෙ අම්මයි තාත්තයි මතක් කරනව පව් නේද? හිහි.. මේ විස්තරේ මතක තියාගෙන අලුත්ම Torrent Accelerator එක බාමු...